25 Jan 2013

මාරාන්තික මුහුදු ගමන. Deadly Voyage

                                                කිංස්ලි ඔෆෝසු.


                             කිංස්ලි ඔෆෝසු ඉපදුනේ 1970 දිය. කාර්මික ඉංජිනේරුවෙක් වීමට සිහින මැව්ව ඔහුගේ එම  සිහිනය බොඳ වුනේ ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඔහුගේ මවට වියදම් කිරීමට හැකියාවක් නොමැති කම නිසයි.එළවලු හෝ පළතුරක් විකිණීම රැකියාව කරගත් ඔහුගේ මවට ගෙදර බර වැඩි බව තේරුම් ගිය නිසා කුඩා කාලෙදිම පාසල් ගමනට නැවතීමේ තිත තබන්නට කිංස්ලිට සිද්ධවෙනවා. තම සහෝදරයන් රැකීමට යම් යම් රැකියාවල් කල ඔහුට වරායේ රැකියාවක් හිමි වන්නේ මේ අතරතුරදී.1992දි පමණ දියුණු තාක්ෂණයක් නොතිබුණ අවදියේදී නැව් වලට භාණ්ඩ පැටවීම සිදු වී තිබුනේ කම්කරුවන් අතින්. මොහුද එවන් කම්කරුවෙක්. අප්‍රිකාවෙන්, කොකෝවා යුරෝපයට ප්‍රවාහනය කිරීම සහ යුරෝපයෙන් පාවිච්චියෙන් පසු ඉවත දමන භාණ්ඩ අප්‍රිකාවට ආනයනය කිරීම ප්‍රධාන වශයෙන් සිදු වුණා.



තරුණයකුට යුරෝපයට යෑමට අවශ්‍යව, ඔහු ගුවන් මගින් ගියහොත් ඒ සමාජය පිලි ගන්නේ පිරිමියෙක් නොවන,නිකමෙක්  විදියට. වීරයෙක් වීමටනම් මුහුදු මගින් යුරෝපයට පැනීම අත්‍යවශ්‍ය කාර්යක් වුනා. රැකියාවන් සඳහා යෝරෝපයට යන බොහෝ තරුණයන් වැඩි වශෙයෙන් තෝරාගත්තේ නැව් සේවයයි. එයත් නැවේ කාර්යමණ්ඩලයට හොරෙන් සති දෙකක් හෝ තුනක් ඉතා දුෂ්කර ගමනකින් යුරෝපා රටකට ඇතුල් වීමෙනුයි. අවුරුදු 22 තරුණයෙකු වූ කිංස්ලි ඔෆෝසුද මෙම දුෂ්කර ගමනට පිඹුරුපත් සැකසුවා. ඔහුගේ මිතුරන් මිට ඉහත  මේ ආකාරයෙන් විදේශ ගත වී තිබුනත්, ඒ කිසිම කෙනෙකුගෙන් කිසිම තොරතුරක් ඔවුන්ගෙ ඥාතීන්ට දැනගන්න හැකි වී තිබුනේ නැහැ. එහෙත්  ඔවුන් යුරෝපයේ සුපිරි ජිවිතයක් ගත කරනවා ඇතියි ඔවුන් තරයේ විශ්වාස කළා.



1992 ඔක්තෝම්බර් 24 වෙනිදා බහමාස් කොඩිය යටතේ යුක්රේන ජාතික කාර්‍ය මණ්ඩලයක් සේවය කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඝානාවේ "තකොරාඩි" වරායෙන් පිටත් වුනේ ප්‍රංශය  බලා ගමන් කිරීමටයි. කාර්‍ය මණ්ඩලයට අමතර තවත් අමුත්තන් පිරිසක් ඇති බවට කෞකවේ  කිසි කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. කිංස්ලි ඔෆෝසු සහ ඔහුගේ බාල සහෝදරයත් තවත් මිතුරන් 6 දෙනෙකුත් මෙම අති දුෂ්කර මාරාන්තික  ගමනට එකතු වී අවසානයි. නැව පිටත් වී හයවෙනි දවසේ උදේ මොවුන් 8 දෙනාට අමතරව තවත් කළු කැමරුන් ජතිකයෙකුත් කොකෝවා ගෝනි අතරේ සිට මොවුන්ට හමු වෙනවා. මේ අයුරින් යුරෝපයට පැන යෑමට අප්‍රිකාවේ බොහෝ රටවල් වල තරුණයන් උත්සහ දැරූ බවට කදිම නිදසුනක්. එදාම හවස නැවේ  කාර්ය මණ්ඩලයට මොවුන් කොටු වෙන්නෙ ආවසානවන්ත විදිහට.




මෙම  අනවසර පුද්ගලයන් කොටුවීමෙන් පසු යම් යම් හේතු කියා වෙන් කිරීමට ඔවුන් කටයුතු කරනවා. සියල්ලටම  කලින් මෙම පුද්ගලයන් ළඟ ඇති සියළුම මුදල් මෙම කාර්ය මණ්ඩලය විසින් එකතු කරනු ලබන්නෙ ආරක්ෂාකරිව ප්‍රංශයට ඇතුල් කරන පොරොන්දුව මත. එහෙත් කිසි විටකත් ඔවුන් සියලු දෙනාම එකම ස්ථානයේ රඳවා තබන්න උත්සහ කලේ නැහැ. දැනට කොටු කර ඇති ස්ථානයෙන් එක වර තිදෙනකු අවස්ථා කිහිපයකදී රැගෙන යන්නෙ පොරොන්දු වූ විදියට සඟවා තැබීමටයි. ඔෆෝසු සහ ඔහුගේ සහෝදරයා පමණයි අවසානයට ඉතුරු වුයේ. මොවුන් දෙදෙනාත් රැගෙන  යද්දී කිසියම් වෙනසක් මොවුන් දෙදෙනාට තේරුම් ගියා. මොවුන්ව  රැගෙන යන්න ආ පුද්ගලයාගේ කලිසමේ ඇති ලේ පැල්ලම් හා නැවේ තැන් තැන් වල විසිරි ඇති ලේ පැල්ලම් දැකීමෙන්  සිදුවෙන්න යන දේ ඉවෙන් මෙන් තේරුම් ගත්න කිංස්ලි සහ ඔහුගේ සහෝදරයත් හැකි වේගෙන් දිව්වත්, අවාසනාවට සහෝදරයට වෙඩි වැදෙනවා. කිංස්ලි හැකි අයුරින් ඔහුවත් රැගෙන සැඟවෙන්න උත්සහා දැරුවත් මේ මිනීමරු නැව් කාර්ය මණ්ඩලයට වෙඩි වැදී ඇති සහෝදරයාව කොටු වුණා.


තමන් කුඩා කාලේ වින්ඳ දුක තමන්ගේම දරුවන්ටත් විඳින්න දීමට නොහැකි කම නිසා මොවුන්ගේ නුපන් දරුවන් වෙනුවෙන් මෙම සහෝදරයන් දෙදෙනා ගත්ත උත්සාහය  වැරදි තීරණයක් බව තේරුම් යද්දී බොහෝ මිතුරන් මියගොස් අවසානයි. කිංස්ලිට ඔහුගේ සහෝදරයා මෙම මැරයන් විසින් මුහුදට විසිකිරීම  බලා සිටීම හැර කරන්න කිසි දෙයක් තිබුනේ නැහැ. මොවුන්ගේ මීළඟ ඉලක්කය වුනේ මේ සියල්ලම දන්නා තමන් විසින් ඝාතනය කරන  අයුරු දුටු කිංස්ලි ඔෆොසුව ඝාතනය කර මේ සියල්ල ලොවෙන් සැඟවීමටයි. මෙයට ඉහත නැව්  වලින් යුරෝපයට ගමන් ගත් මිතුරන්ට සිදු වූ දේ ගැන සිතාගන්නට කිංස්ලිට පුළුවන් වුණා. තමා ඝාතනය කිරීමට  එන මේ පිරිසෙන් බේරීමට ඔහු නොගත් උත්සහයක් නැහැ. දින තුනක් තිස්සේ නැවේ බඩු අස්සෙත්, විවිධාකාර බට අස්සෙ සැඟවිලා එහාට මෙහාට දුව දුව නැව ඇතුලේ නිරුපද්‍රිතව සිටින්නට ඔහුට හැකිවෙනවා. නෞකාව  කිසියම් වාරයක නැවතුන බව දැනගත් ඔහු නැංගුරම් කවුළුව අස්සෙන් යකඩ දම්වැල දිගේ මුහුදට බැස කෙටිදුරක් පිහිනා වරායට ඇතුළු වී හැකි වේගයෙන් දුවද්දි ඔහුගේ වාසනාවට ඒ මොහොතේ වරාය පොලිස් රථයක් පැමිණ තිබුණෙ. ඒ හැටි අධ්‍යාපනයක් නොමැති ඔහු දන්නේ ඔහුගේ දේශීය බස පමණයි. පොලිසියට කොටු වූ විගස ඉංග්‍රීසියෙන් කියන්නට දැනගෙන සිටියේ "ඝානා මෑන්, ඝානා මෑන් " පමණයි. ඝානා භාෂා පරිවර්තකයෙක් මගින් සියල්ල ප්‍රංශ පොලිසියට දැනගන්න ලැබෙනවා. ඒ ක්ෂණයෙන් නැවේ කැප්ටන් සහ අනෙකුත් සියලු දෙනාම අත්අඩංගුවට පත් විය.


                                               **********


මේ පුවත ලෝකයම කැළඹුව සිදුවීමක් බවට පත්වෙන්නෙ මෙතෙක් කල් ලෝකයට වසන් වී තිබුණු අපරාධයක් ලොවටම හෙළිවීමෙන්. ඒම කාලේදී එක්සත් ජාතික සංවිදානයේ ප්‍රධානියා වී සිටියේත් ඝාන ජාතිකයෙක් වන "කොෆි අනන්". එම නිසා මෙයට තවත් ප්‍රභල, ප්‍රසිද්දියක් ඇතිවිය. දුප්පත් අප්‍රිකානුවන්ගේ ජිවිත බේරාගන්නට ඔවුන්ව දැනුවත් කල කිංස්ලි ඝානාවේ වගේම අප්‍රිකාවේ සෙසු රටවල වීරයෙක් බවට පත්විය. වසර තුනක නඩු විභාගයකින් පසුව එම කාර්ය මණ්ඩලයට වසර 20ක සිර දඬුවමක් ද නැවේ ප්‍රධානියා හා තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වාද සිර දඬුවම් හිමිවිය. නැවේ ප්‍රධානියාට ඇති අනිත් චෝදනාව වන්නේ කිසිම නිත්‍යානුකුල ලියවිල්ලක් නොමැතිව වසර තුනක් භාණ්ඩ ප්‍රවාහන කරවීමයි.


                                              කොෆි අනන්.


 මෙම සියලු සිද්දිය පසු කාලෙක චිත්‍රපටියකට නැගින. එය 1996 දී තිරගත විය. කිංස්ලි ගේ පුර්ණ කැමැත්ත ඇතුව චිත්‍රපටි සමාගම ඔහුට ඇමරිකානු ඩොලර් 60,000 ගෙවීමට පොරොන්දු නමුත් ඔහුට අද වෙනකම් ලැබී ඇත්තේ $10,000ක් පමණයි. ඔවුන් විවිධ හේතු මත කිංස්ලිව මගහරිනු ලැබූහ. එහෙත් විවිද සංවිධාන, රාජ්‍යන් ගෙන් ලැබුණු විශාල ආධාර මත ඔහු විශාල පොහොසතෙකුද විය. කාලයත් සමග ඔහු වටා සිටියවුන්ගෙන් රැවටීමට ලක්වීම ,කාන්තාවන්ට ලොල් බව හා යම් යම් හේතු නිසා    ඔහු සාමාන්‍ය පුද්ගලයෙකුගේ මට්ටමටම අද වෙන විට ඇද වැටි ඇත. එහෙත් කුඩා කාලේ සිට තිබුන කාර්මික ඉංජිනේරුවෙක් වීමේ ආසාව සඵල විය. ඔහුගේ බිරිඳත් දරුවන් හතර දෙනාත් සමඟ ප්‍රංශයේ දැනට ජිවත් වෙයි.    මෙම චිත්‍ර පටිය "යු ටියුබ්" හරහා ඉතා පහසුවෙන් නැරබිය හැක.මෙන්න මෙතනින්. 



සැ/යු. මගේ ආයතනයට සම්බන්ද කෙනක් මට මේ සිද්දිය විස්තර කෙළේ.කිංස්ලිට ඇති සම්බන්දයනම් කිංස්ලි වාරයේ රැකියාව සොයා දී ඇත්තේ මා කලින් කිව් මිතුරාගේ සහෝදරයයි.




9 Jan 2013

මහ කැලේ වැල.




                         අවුරුද්දේ දවස් 365 න් 364 ක්ම වැඩ කරන ආයතනයක වැඩ කරන අපිට  මුලු  ආයතනයටම  නිවාඩු ලැබෙන්නේ දෙසම්බර් 25 නත්තල් දවස. මාත් එක්ක ඉන්න අනිත් දෙන්නටත් අපි තුන්දෙනාම එකට ඉන්නේ අවුරුද්දකට එක දවයි. රට,තොට බලාගන්න පුළුවන් දවසේ අප්‍රිකාවේ සුන්දර තැනක් බලන්න අදහස් කරන් තිබුනා. ඊට කලින් දවසේ 24 වෙනිදා රෑ අපේම ආයතනේයේ අපේ රටට අල්ලපු රටවල් දෙකේ දෙන්නටත් අපේ අදහස දැම්මා. උදේ 7 වෙද්දී පිටත් වුනොත් 200 K.M ඈත තියෙන අප්‍රිකාවේ තවත් වැසි වනාන්තරයක් වන "කුකුම් ජාතික වනොද්‍යනට" අග නගරේ සිට ළඟා වෙන්න ගතවෙන්නේ පැය දෙකක් වගේ කාලයක්.

උදේ 7ට එනවා කියපු අනිත් දෙන්නා 7.45 වෙනකුත් නැති තැන අකමැත්තෙන් වුනත් ඔවුන්ව දාලා යන්න සිද්ද වුනා. සැලසුමේ විදියට ගමන අරබන්න නොහැකි වුන නිසා  මග දිගට ට්‍රැෆික්. නගරයෙන් පිට වෙන්න කලින් වියදමට මුදල් ගන්න අවශ්‍යතාව තදින්ම තිබුනා.ටේලර් මැෂින් පහුකරගෙන නගරේ කෙලවරේම තියෙන අවසාන මැෂින් එකෙන්ම සල්ලි ගන්න සිද්ද වුනේ මොන හේතුවක් නිසාද කියලනම් දන්නේ නැහැ.අපි තුන්දෙනාගෙන්ම දැනට ඉතුරු වෙලා තියෙන එකම "ATM කාර්ඩ් එක" මගේ.හැමෝගෙන්ම මුදල් අවශ්‍යතාවල් පිරිමහගන්නේ "හාල් පොත" වගේ තියෙන මේ කාර්ඩ් එකෙන්.අනිත් දෙන්නගේම කාර්ඩ් ටේලර් මැෂින් විසින් අතුරුදහන් කර අවසන්.අප්‍රිකාවේ මිනිසුන් වගේම යන්ත්‍ර, සුත්‍රාත් විස්වාස කරන්න බැහැ.කිසි වරදක් නැතිව කාර්ඩ් හිරවීම සමානයි.එසේ සිර වුන කාර්ඩ්  කෙලින්ම ලංකාවට යවනවා. සංචාරකයා අසරණයි.



මගේ කාර්ඩ් එක ඇතුල් කර සාමාන්‍ය විදියට පියවර අනුගමනය කලත් අවාසනාවන්ත විදියට ATM මැෂින් එක හිර වුනා.කාර්ඩ් එක ඇතුලේ.එත් කාර්ඩ් එක බැංකුව සතුකරගත්තේ නැහැ.කාර්ඩ් එක දාල යන්නත් බැහැ කොයි මොහොතක හෝ එලියට එවි නැත්නම් මුදල් ගන්න පුළුවන් විදියේ පසුබිමක් ඇතිවේවි කියන බයට දාල යන්නත් බැහැ.අනිත් දෙන්නත් මගේ සහයට හිටියේ හැමෝගෙම අවශ්‍යතාවල් පිරිමහුවේ මේ කාර්ඩ් එක නිසා. විනාඩි 10 ක් 15 ක් බැලුවේ මැෂින් එක සාමාන්‍ය තත්වයට ඇවිල්ලා කාර්ඩ් එක එලියට එනකන්. පසුව බැංකු කළමනාකාර තුමිය සම්බන්ධ කරගන්න හැකි වුනා. ඒ නිවාඩු දවසෙත් බැහැ නොකියා අපි වෙනුවෙන් බැංකුවට ඇවිත් මැෂිම ක්‍රියා විරහිත කර කාර්ඩ් එක අරන් දුන්නේ වද දෙන මැෂින් අතරේ උදවු කරන මිනිසුන් ඉන්නබව සනාත කිරීමටයි.නැවතත් කාර්ඩ් එක මා සතු කරගන්න පැය එකහාමාරක් විතර ගත වුනා.

ඒ අරගෙනත් තවත් කිලෝ මීටරයක් ඈතින් තිබෙන තැනකට ගියාත් ඒ මැෂිමේ මගේ එක කාර්ඩ් හිරවෙන්න කලින් වෙනත් කෙනෙකුගේ එකක් හිර වෙලා.තවත් ඈතින් ඇති මැෂිමක් හොයන් ගිහින් යන්තම් විශ්වාස කරන්න පුළුවන් තැනකින් අවශ්‍ය තරමට මුදල් අරන් හැම ප්‍රශ්නයක්ම විසඳගෙන පිට වෙද්දී 10.30 විතර වෙලා. අපේ ගමනාන්තයට ළඟා වෙද්දී හවස 1.00 විතර වුනා. ඈතින් පෙනන කැලේ ඇතුලෙන් කාක්කෙක් සද්දේ දැම්මත් අපිට ඇහෙන්නේ වලසෙක් කෑ ගහන ශබ්දයක් වගේ.අපේ හිත්වල තිබුනේ දරුණු ගනයේ සතුන් සජීවීව නරබන්න.උන්ගේ සාමාන්‍ය ජිවන රටාවත් එක්ක. සත්තුවත්තේදී වගේ කෘතිමව නැතිව.


"කුකුම් ජාතික වනෝද්‍යානය" අප්‍රිකාවේ ඇති වැසි වනාන්තරයක්.වර්ග කිලෝ මීටර් 350ක් පමණ විශාල මේ වනාන්තරේ අලි කොටි ,වලසුන් වැනි විශාල සතුන්ද ජිවත් වෙනවා.කුරුළු විශේෂ 500ක් විතර සමනළයින් හා අනෙකුත් සතුන් සමග සත්ව විශේෂ 800ක් පමණ මේ වනයේ  ජිවත් වෙනවා. 1960 දී පටන්  සංචාරකයන්ට එය නැරඹීමට අවස්ථාව හිමිවිය.සතුන් බලන්න යන්න තියෙන්නේ කැලේ මැදින් ඇති පාලමක් මගින්.ලෝකෙන්ම වනාන්තර හරහා මෙවෙනි විශාල පාලම් ඇත්තේ 4ක් පමණයි.එයින් දෙවෙනි විශාලතම පාලම  මෙයයි. අනෙකුත් පාලම් ඇත්තේ, චීනයට පළමු තැන, මලයාසියා.පේරු. අඩි 130 උසින් ඇති වැල් පාලමක් උඩින් ඇවිදන ගමන් පහල ඇති ඝන කැලේ සිදුවන සත්ව ක්‍රියාකාරකම් දැක බලා ගැනීමයි සංචාරකයන්ට අවස්ථාව ලබාදී ඇත්තේ.. මෙහි මුළු දිගා මීටර් 330ක්.මෙම පාලම නිර්මාණය කරලා තියෙන්නේ විශාල ගස් අතරේ කේබල් සම්බන්ධ කර  ඒ හරහා එල්ලෙන පාලම සම්බන්ධ කරලා.


                                                   පාලමේ යන්න පෝලිමේ.



මේක තාමා පාලම. 

                                                                ඈතට පෙන්නේ මේ වගේ.




                                         රූස්ස ගසක ඇති නැවතුම් පොලක්

ලංකාවේ ඇති වැල් පාලම් වලින් මිට කලින් ගිහින් තිබුනත් මේ පාලමේ යද්දී පොඩි චකිතයක් තිබුනා.ගඟක් හරහා  යද්දී බයක් නැහැ වැටුනොත් ගඟට එත් මේ ඝන කාලේ හරහා යද්දී වැටුනොත් කොටි වලස්සු ඉන්න කැලෙකට වැටෙන්නේ.ඒත් මේ උද්‍යානය ආරම්භ කල දවසේ සිට අද වෙනකන් කිසිම ජිවිත අනතුරක් සිදුවෙලා නැහැ.මීටර් 130 උඩින් පාලමක් මතින් ඇවිදිද්දී සතුන් බාලාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.  ගියොත් ගමනේ  අවසානය වෙනකන් යන්න සිදුවෙනවා.මගින් ආපසු හැරෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. මීටර් 330ක ගමනේ අවසානේ ඒ මහා වනයේ හිටපු සතෙක්ව මගේ කැමරාවේ සටහන් කරගන්න හැකි වුනා.


                                               මා දැක්ක එකම සතා "සමනළයා"

අඩි 130 ක උඩින් යද්දී අඩි 60-70ක් විතර උස ගස්වල කරටි තමා පෙන්නේ.කරටි අස්සෙන් පෙන්නනම් අඩුම ගානේ ජිරාෆ්ලා රංචු වත් ඉන්න ඕනේ.එත් ඝානාවේ ජිරාෆ්ලා නැහැ.අඩුම ගානේ උස ගස්වල ජිවත් වෙන ගහෙන් ගහට පැන පැනයන  කළු වඳුරෙක් වත් ඇහැකට දැක්කේ නැහැ. අප්‍රිකාවේ ඝන වනාන්තරයක සංචාරය කර කිසිම සතෙක් නොදැකපු එකම අවසානාවන්ත ශ්‍රී ලාංකිකයා මම විතරද?.


Related Posts Plugin for WordPress, Blogger...