සෙනසුරාද වැඩ තියෙන්නේ වෙනද වගේ නෙවෙයි දවස් භාගයයි.වැඩ ඉවර වුන ගමන් මාත් එක්ක වැඩ කරන තනිකඩයෝ හෙව්වේ අපේ සමාජෙට ගැලෙපෙන්නේ එවුන් නිසා.ඒත් එදා මට මේ නව නින්ගිරා වැඩේ සිද්ද වෙන්න ඕනේ නිසා මගේ නපුරු වෙලාවට කාටවත් මාත් එක්ක සමාජ ගත වෙන්න එදා බැරි වුනා. ඒ හැම දෙයක්ම අසාර්ථක වුනු හින්දම බම්බලපිටියෙන් බස් එකට නැග්ගේ පිටකොටුවට ගිහින් තවත් ගමනක් යන්න හිතාගෙන.
වැඩි සෙනගක් නැති බස් එකේ මාත් එක්කම හතර පස් දෙනෙක් හිටගෙන කවුලුවෙන් එලිය බලාන යන්නේ වෙන කරන්න දෙයක් නැති කමට.ජිවිතේ අනිත්‍ය තේරුම යන වයස දහ අටේ සිට හැත්තෑව දක්වා හිටපු කෙල්ලෝ ඇන්ටිලා ආච්චිලා අතරේ මමත් ඒ බස් එකේම ගියේ... එක එක සුකුරුත්තම් කරන කෙල්ලෝ ගොඩක් එක්ක තනි වුනු තව කෙල්ලෙකුත් ඒ බස් එකේ හිටියා.සුකුරුත්තම් පිරිස කොල්ලුපිටියෙන් බැස්සත් තනි වුනු කෙල්ල තවමත් තනියෙන් .
ඒ කාලේ ලංකාවට අලුත් විලාසිතාවක් වුනු කොන්ඩේ කෙලින් කරන් (ස්ට්‍රේට්) විලාසිතාවත් පොල් කටු වලින් හදාගත්තු කරාබු දෙකකුත්, ඇට ඇට මාලයෙකුත් පැලඳ ගෙන.අවු කණ්නාඩිය ඔලුවේ දාගෙන ඉන්න මේ කෙල්ල මට වඩා සීට් පේලි හතරක් එහායින් දොර ළඟ හිටියේ.බස් එක ඒ වෙද්දී ගොල් ෆේස් කිට්ටු කරලා තිබුනේ .පොඩි කාලේ ඉඳල බලන්නම ආස හින්දාම මම යන්නෙම ගෝල ෆේස් පාරෙන් යන බස් වල විතරයි.පොඩි කාලේ තාත්තත් එක්ක මුහුද දිහා බලන් ඉන්න ආසකරපු මම පස්සේ කාලෙක මල් මල් කුඩයක් යට ඉඳං මුහුද දිහා බලන් ඉන්න ආස කලා.දවල් වෙලාවක කොහේදෝ යන්න එතනින් බැහැපු මට එදා තේරුනා මෙතනට ආදරේ කරන්න එක්කන් එන්න හොඳ තැනක් නෙවෙයි තමන්ගේ පෙම්වතියට දඬුවම් දෙන්න හොඳ තැනක් විත්තිය.මොකද ඒ වෙද්දී "නයා" කට ඇරියා වගේ පුදුම රස්නයක් තියෙන්නේ.මල් මල් කුඩ යට ඉන්න තිබුණු මගේ ආසාව නැති වුනා.ඒත් බධක ජය ගන්න අවංක ප්‍රේම වන්තයොන්ට ඒ අව්වත් අව්වක් නෙවෙයි විත්තිය මම හැබැහින් දැකල තියෙනවා.
මමත් තව වයසක සීයා කෙනෙකුත් අඟනක් වගේ කෙල්ලත් විතරයි හිටගෙන .වැඩි උස නැති එත් උස වෙන්න දාගෙන හිටපු ආඩි උස සෙරෙප්පුවේ උල දැක්කම ලඟට යන්න හිතේන්නේවත් නෑ.මම බැලුවේ නැතත් මගේ ඇස් දෙක යන්නෙම ඒ කෙල්ල දිහාවටමයි.මගේත් ඇයගේත් ඇස් එකට ගැටුණු වෙලාවේ ඇය මාත් එක්ක සිනා සුනාත් මම එක සැරේම හිනාවෙන්නේ නැතිව වට පිට බලලා හිනා වුනේ මීට කලින් මගේ පිටු පස හිටපු කෙනෙක් වෙනුවෙන් මම හිනා වුන ඒ අතීත ලජ්ජා සහගත මතකය නිසාමයි.ඇ හිනා වෙනවා දැකපු සීයා මගේ දිහා බලල ජනේලෙ අතරෙන් අහසත් මුහුදත් ගෑවෙන දිහා බැලුවේ යටි හිතෙන් මට ඉරිසියා කරන ගමන්.ඒ කෙල්ලට ගැලපෙන වයස කෙනෙකුට හිටියේ මම විතරයි ඒ මුළු බස් එකේම ඉතිං දැනගත්තා ඒ හිනා වුනේ මාත් එක්කම තමයි කියල.
ඇ හිටි තැනින් තවත් දොර ලඟට කිට්ටු වුනේ බහින්න විත්තිය මට තේරුන් ගන්න වැඩි වෙලා ගියේ නැහැ.බහින්න කලින් තව වතාවක් හිනාවෙන්න ආසාවෙන් හිටපු මම ඇය දිහා බැලුනේ ඉබේටම.මගේ එතෙක් ජිවිතේට නොහිතපු දෙයක් සිද්ද වුනා.ඇ තව සැරයක් මාත් එක්ක හිනා වෙලා ලඟට කතා කළා බහින්න. ඒ සියල්ල වුනේ හස්ත මුද්‍රාවෙන්.ඒ තැනත් එච්චර හොඳ තැනකුත් නෙවෙයි.පොඩි කාලෙම ගෝනි බිල්ලා ගැන අහල තිබුණු අපි අම්මත් කියා දීලා තිබුනා අඳුරන්නේ නැති කාත් එක්කවත් යන්නවත් කතා කරන්නවත් එපා කියන දේ.පොඩි කාලේ කියා දුන්නත් අද කාලෙටත් වලංගුයි කියන එක මට එවෙලේ තේරුනා.මම ඔළුව වනලා බෑ කිවුවා.
ඒ විදියට කොල්ලෝ රවටන් ගිහිං සිහිය නැතිවෙන්න ටොෆි ,චෝකොලට් වගේ දීලා පර්ස් එක සුද්ද කරලා හෙමින් මාරු වෙන කෙල්ලෝ ගැන පත්තරවල අනත්වත් අහල තියෙනවා.ඊට කලින් දවසේ මගේ පඩි පත ලැබුනෙ. මා ගැන දන්නා කෙනෙක් වෙන්නත් ඕනේ.මම වැඩ කරන තැන ඉඳලම මා ගැන ඇහැ ගහගෙන ආපු කෙල්ලෙක් වෙන්න ඕනේ.මගේ මුළු පඩියම පර්ස් එකේ.එක තමා මාත් එක්ක කට පුරෝවල හිනා වුනේ.නැත්නම් වැඩි පුර බස් වල යන්නේ ඔරවන කෙල්ලෝ .හදවතට නෙවෙයි බුද්ධියට ඉඩදෙන්න ඕනේ කියල මට තේරුම ගන්න වැඩි වෙලා ගියේ නැහැ.හදිස්සියෙවත් මෙතනින් බැහැල කතා කර කර ඉන්න ගමන් මොනවා හරි දුන්නනම් මට සිහිය නැති වෙනවා.මාසයක් වැඩකරලා ගත්තු මගේ පඩිය කාටවත් නිකන් දෙන්න බැහැ නේ.එහෙම වුනොත් මට මෙතන ඉඳල මගේ බෝඩිම තියෙන නාරාහේන්පිටට පයින්ම යන්න වෙන්නේ.කාටවත් කෝල් එකක් දෙන්න ඒ කාලේ මම ෆොනේ පාවිච්චිකලේ නැහැ.අනිත් එක අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ.කොහෙත්තම අඳුරන්නේ නැති කෙල්ලොත් එක්ක වැඩි බජෙනට යන්න හොඳ නැහැ කියල මට එවෙලේ තේරුම ගියා.
ඇයත් මම වගේ තනිකඩ කෙනෙක් වෙන්න ඕනේ.ඇයත් තනියෙන් මමත් තනියෙන් දෙන්නම එකතු වුනාම දෙන්නටම තනි නැ එහෙම හිතපු නිසාද දන්නේ නැහැ බහින්න කියන්නේ.හැම බන්කුවකම කුඩ යට දෙන්න දෙන්න ඉන්න දර්ශනමයි තියෙන්නේ.කරන හැම දෙයක්ම මම දෙපාරක් හොඳට හිතන කෙනෙක් නිසා වෙන කොල්ලෝ වගේ එක සැරේ ලඟට ගිහිං හා කිවුවේ නැ.එක සැරයක් බෑ කියපු මගෙන් ආයෙත් ලජ්ජා නැතුව අතින් කතා කරනවා.බහින හෝල්ට් එක දිහාට අත දික් කරලා පෙන්නන්නේ මෙතනින් බහින්න කියන්නාක් වගේ.දෙවැනි සැරෙත් මම සද්දේ පිට නොවෙන්න තොල් වලින් බෑ කියන ගමන් ඔළුවත් වැනුවා. කෙල්ලෙක් කවදාවත් මෙහෙම කොල්ලෙක්ට කතා කරන්නේ නැහැ ඒත් මට මේ කතා කරන විදියෙන් සැක හිතුනා.මේ නම් මාව රවටගෙන අරන් ගිහිං පර්ස් එක සුද්ද කරන කෙල්ලෙක් වෙන්න ඕනේ. විච්චුරන විදියට ඇඳ පැලඳ ගෙන කොළඹ හතේ කෙනෙක් විදියට යද්දී ඕනෙම කෙනෙක් ඉතිං අහුවෙනවා. ඇය එක අතකින් සීට් එකක් අල්ලාගෙන අනිත් අතින් උඩ පොල්ල දිහා බලලා අල්ලන්න හදනේ ඒත් ඇය උස නැති නිසා කොහෙත්තම උඩ පොල්ල අල්ලන්නම් බෑ..
තුන් වෙනි සැරේ මට කතා කලේ ඔළුව පැත්තට හරවාගෙන "අනේ එන්නකෝ" කියනව වගේ.අපි දෙන්නගේ මේ සංවාදේ දිහා මා සිටි තැන වාඩි වෙලා හිටපු අයියා බාලගෙන හිටියේ.ඇ දිහාත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලපු ඒ අයියා හිටපු තැනින් නැගිටලා බස් එක දිගට යන කඹේ ඇදල බෙල් එක ගැහුවා.ඒ එක්කම බස් එක නවතින ගමන් ඩ්‍රයිවර් ගෙන ඇහුනේ සුන්දර වචන ටිකක්."ලඟට එනකන් ඉන්නවා බහින්න මතක් වෙන්න මොන ලෝකෙද ඉන්නේ" බස් එක නැවැත්තුවා කෙල්ල බැහැලා ගියා .එයා කොහෙද මාව රවටන්නේ මම මටම කියා ගත්තා.කඹේ ඇදපු අයියා මගේ ලඟට ඇවිත් "අර ගෑණු ළමයා අච්චර බෙල් එක ගහන්න කියලත් ඇයි මල්ලි ඔයා බෑ කිවුවේ"
රුවැත්තියක් මට අතවනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා..
අනෙ එයා හිටන් කම් කම් කියනවා..
මම ඉඳගෙන නෝ නෝ කියනවා..